7/11/2015

කමල් දේශපාලනයට


මෙවර මහ මැතිවරණයට රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් තරග කිරීමට ඉදිරිපත් වීමත් සමඟම ඇතැම් දේශපාලනඥයන්ගෙන් තමන්ට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ප්‍රකාශ කර ඇත.

ඒ මහතා මෙසේ ද පැවසීය.

අපි දේශපාලනය කරන්න එනවට සමහරු කැමැති නැහැ. අපිට අකුල් හෙළනවා. ඔවුන් හිතනවා දේශපාලනය තමන්ගේ බූදලයක්‌ කියලා. රත්නපුර දිස්‌ත්‍රික්‌කයට එජාපයෙන් මා තරග කරන්නේ රටට සේවයක්‌ කරන්නයි. මෙවර මැතිවරණයෙන් රත්නපුර දිස්‌ත්‍රික්‌කයෙන් වැඩි මනාපයක්‌ මා ලබාගන්නවා.

මට අකුල් හෙළන උදවිය කවුද කියලා හෙළි කරන්න මම කැමැති නැහැ. උඩ බලාගෙන කෙළ ගහන්න හොඳ නැහැ.


සමහරුන්ට මාව අභියෝගයක්‌ වෙලා. මාත් එක්‌ක සහයෝගයෙන් වැඩ කළොත් ඔවුන්ට වාසියක්‌ උදාවෙයි කියලා ඔවුන් හිතන්නේ නෑ. එහෙම උදවිය සමගයි අද මට දේශපාලනය කරන්න සිද්ධවෙලා තියෙන්නේ... යෑයි ද කමල් අද්දරආරච්චි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

0 woyia:

Post a Comment